නාගදීපය හා ඩෙල්ෆ්ට් දූපත් අද සිට සංචාරකයින්ට වැසෙයි
යාපනයේ නාගදීපය හා ඩෙල්ෆ්ට් යන දූපත් වලට බෝට්ටු ගමන් කිරීම යළිත් වරක් අද (28) සිට නවත්වා තිබෙනවා.
යාපනය දිසාපති කාර්යාලය ප්‍රකාශ කළේ, අධික සුළං සහිත කාලගුණය නිසා එම දූපත් වලට ගමන් කරන බෝට්ටු සේවා නවතා දැමූ බවයි.
එම දූපත්වල ජීවත්වන ජනතාවගේ හදිසි අවශ්‍යතා සදහා නාවික හමුදාවේ අධිවේගී හා ආරක්ෂිත බෝට්ටු ප්‍රයෝජනයට ගැනීමටත්, ආපදා අවස්ථාවකදී නාවික හමුදාවේ සහය ලබා ගැනීමටත්, බලාපොරොත්තුවන බව දිසාපති කාර්යාලය සඳහන් කළා.
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා බෝට්ටු සේවා ක්‍රියාත්මක කිරීම අසීරු බැවින් නාගදීපය ඩෙල්ෆ්ට් වැනි ප්‍රදේශවල සංචාරය කිරීමට යාපනයට නොපැමිණෙන ලෙස යාපනය දිසාපති කාර්යලයේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.