“දැන් ඇති යුද්ධ කළා, මේ යුද්ධය අවසන් වෙන්න ඕනි”
ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර තිබෙනවා.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ‘දැන් ඇති යුද්ධ කළා. මේ යුද්ධය අවසන් වෙන්න ඕනෑ’ යැයි කියමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙම නව සාම සැලැස්ම ඉදිරිපත් කළ බවයි.
මෙම නව සාම සැලැස්ම අදියර 6කින් ක්‍රියාත්මක වනු ඇති බවත්, ගාසා පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ ඊශ්‍රායලයේ ස්වෛරීත්වය රැක ගැනීම මූලික අරමුණ බවත් ධවල මන්දිරය පෙන්වා දී තිබෙනවා.