ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන 15ක සියලු වත්කම් අත්හිටුවයි
ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය පෙරේදා (03) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වේ.
ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන 15ක් සහ ඒවාට සම්බන්ධ 210කගේ සියලු අරමුදල් වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් ඒ අනුව අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.
2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි හෙවත් එල්.ටී.ටී.ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෙවත් ටී.ආර්.ඕ සංවිධානය, ජාතික තව්දිහ් ජමාත් හෙවත් එන්.ටී.ජේ සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානය ඇතුළු සංවිධාන 15ක සියලු අරමුදල් සහ වත්කම් අක්‍රීය කර තිබේ.
ඊට අමතරව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පුද්ගලයින් 113 දෙනෙකුගේ සියලු මුදල් හා වත්කම් ද අක්‍රීය කර ඇති බව වාර්තා වේ.