ජයතිස්ස බොරළුගොඩ මහතා දිවි ගමන නිමා කරයි

ජයතිස්ස බොරළුගොඩ මහතා දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ ගේයපද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ ජයතිස්ස බොරළුගොඩ මහතා අභාවප්‍රාප්ත වුණා.

ජාතික රූපවාහිනියයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස එක්වූ ඒ මහතා එහි අධ්‍යක්ෂ පරිපාලන ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළා.

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ / අත්වැල ගිලිහී / උපනා තනිකම ඇතුළු ජනප්‍රිය ගීත රැසක් රචනා කරමින් ගීත ක්ෂේත්‍රයට ඒ මහතා විශාල සේවයක් ඉටුකර තිබෙනවා.

එමෙන්ම කෙටිකතා / නවකතා / ළමා ගීත / තිර පිටපත් මෙන්ම දරුවන් වෙනුවෙන් ග්‍රන්ථ රැසක් ද රචනා කර ඇති ජයතිස්ස බොරළුගොඩ මහතා ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපාධි ධාරියෙක්.

මහරගම / දඹහේනපාර / 4වන පටුමගේ / අංක 63/53 දරණ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු ගොඩිගමුව පොදු සුසාන භූමියේදී හෙට සිදුකිරීමට නියමිතයි.