පාසල් 11ක් දින තුනකට වැසෙයි

පාසල් 11ක් දින තුනකට වැසෙයි

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් 11ක් ලබන 18වෙනිදා සිට 20වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි ජාතික පාසැල, වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවත්තකචේතිය ජාතික පාසැල, සහිරා ජාතික පාසැල, විවේකානන්ද මහා විද්‍යාලය, දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය වසා තැබීමට නියමිතයි.

විශේෂ ආරක්ෂක රාජකාරි සදහා පිට පළාත්වලින් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීමටයි එම පාසල් වසා දැමීමට තීරණය කර තිබෙන්නේ.

අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව හා අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ විසින් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ ඉල්ලීමකට අනුවයි එම පාසැල් මෙසේ වසා තැබෙන්නේ.

COMMENTS