ගුරුවරු සහ විදුහල්පතිවරු අද පාරට

ගුරුවරු සහ විදුහල්පතිවරු අද පාරට

දිවයින පුරා කලාප කාර්යාල සියයක් ඉදිරිපිට අද පස්වරුවේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගයෙන් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ වැටුප් විෂමතා ගැටලුවලට විසදුම් ලබා නොදීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

කෙසේ වෙතත් වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡා සාර්ථක බව ජාතික ගුරු එකමුතුව පවසනවා.

ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ නොවන බවයි පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ.

COMMENTS