මෙරටට මව් කිකිළි පැටවුන් 122,000ක්

මව් කිකිළි පැටවුන්ගේ වාර්ෂික අවශ්‍යතාව 44,000ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර් අලහකෝන් පවසනවා.
ඒ අනූව මේ වසරේ මව් කිකිළි පැටවුන් 122,000ක් විදේශවලින් ගෙන්වා තිබෙන බවයි ඔහු පවසන්නේ.
මීට පෙර වසරවලදී මෙම අවශ්‍යතාව 80,000ක් තරමේ පැවති බවයි වාර්තා වනවා.
ප්‍රංශය,අමෙරිකාව,ඉන්දියාව සහ බ්‍රසීලය යන රටවලින් මව් කිකිළි පැටවුන් ගෙන්වන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වැඩි දුරටත් පැවසුවේ.

