නව ගුරු පත්වීම් 2,500ක්

නව ගුරු පත්වීම් 2,500ක්

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

එළැඹෙන ජූලි 03වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2,500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මේ අදහස් පළ කර ඇත්තේ, ජනාධිපතිවරයා සමග පෙරේදා (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී.

ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවා ගැනීම වෙනුවෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ව කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ගුරු අධ්‍යාපන සේවයේ නිලධාරින්ගේ හිඟය පියවා ගැනීම සඳහා ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සඳහන් කර තිබෙනවා.