මාමණ්ඩිගේ ව්‍යවස්ථාවේ වගන්තියක් අද බෑණට හරස්වෙලා

මාමණ්ඩිගේ ව්‍යවස්ථාවේ වගන්තියක් අද බෑණට හරස්වෙලා

ආණ්ඩුව හා විපක්ෂයේ ඇතැම් පිරිස් නිර්මාණය කිරීමට සූදානම් වන දෙගිඩියාවට ජනතාව හසු නොවිය යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මැතිවරණය කල් දැමීම වැනි ප්‍රකාශ දැනුවත්ව කරන අසත්‍ය ප්‍රකාශ බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

ජේ.ආර් ජයවර්ධන මාමණ්ඩිය විසින් නිර්මාණය කළ 1978 ව්‍යවස්ථාව තුළ ඇති ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන්වීමට මාසයකට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු බවට වන වගන්තිය අද බෑණාට හරස්වී ඇති බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව සැප්තැම්බර් 16 හා ඔක්තෝබර් 17 අතර ජනාධිපතිවරණය පවත්වා, ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ යුතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS