වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ සැළැස්ම අද

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ සැළැස්ම අද

මෙරට රජයේ තීරණයක් මත මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා අද (15) දිනය වන විට මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එම සැලැස්ම අනුව 2024 තුන්වන කාර්තුවේ දී පොදු මගී සහ විශේෂ කාර්ය වාහන ආනයනය ආරම්භ වන අතර, මෙම වසරේ ම සිව්වන කාර්තුවේ දී භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමටත්, ඉතිරි වාහන 2025 දී ආනයනයට අවසර දීමටත් සැලසුම් කර තිබෙනවා.

පැවැති ආර්ථික අර්බුදකාරිත්වය හමුවේ එවක රජය වාහන ආනයනය සීමා කිරීමට තීරණය කළ අතර එමගින් දළ දේශීය නිෂ්පාදිතයෙන් දළ වශයෙන් සියයට 0.8ක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙනවා.

COMMENTS