ඉලොන් මස්ක්ට වාර්තාගත පඩිපතක්

ඉලොන් මස්ක්ට වාර්තාගත පඩිපතක්

ටෙස්ලා සමගමේ ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රකෝටිපති ව්‍යාපාරික ඉලොන් මස්ක් වෙත ඩොලර් බිලියන 56ක වාර්තාගත වැටුප් පැකේජයක් ගෙවීමට ඉදිරිපත් වූ යෝජනාවට එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ එකඟතාවය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව සම්මත විම සම්බන්ධයෙන් ඉලොන් මස්ක් සිය සතුට ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් මීට පෙර කොටස් හිමිකරුවෙකු විසින් මෙම වැටුප් ලබාදීමට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව ඇමරිකානු ඩෙලවෙයාර් අධිකරණය විසින් වාරණයක්ද පනවා තිබුණා.

එහෙත් ඉලොන් මස්ක්ට මෙම වැටුප ගෙවීමට කොටස් හිමිකරුවන් බහුතරයක් එකඟතාව පළ කිරීමත් සමඟ අභියාචනයක් ගොනු කිරිමටයි ටෙස්ලා සමාගම සැළසුම් කර ඇත්තේ.

පනස් දෙහැවිරිදි වියේ පසුවන ඉලොන් මස්ක් ස්පේස් එක්ස් සහ නියුරොලින්ක් සමාගම්වලද ප්‍රධාන විධායක නිලධාරියා වනවා.

https://tinyurl.com/4nwtmjwk