පොසොන් සමයේ විශේෂ වැඩපිළිවෙලක්

පොසොන් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.
විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.
ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා
එහි අද පැවති විශේෂ සාකච්ඡාවකදී ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 19062 දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 370 දෙනෙකු ද ඊට එක්වනු ඇති.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 607 දෙනෙකු මෙන්ම ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26013 දෙනෙකු ආරක්ෂක කටයුතු සදහා එක්වන බවයි ආරක්ෂක අංශ පවසන්නේ.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීම මත විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක අතර ජංගම මුර සංචාර මෙන්ම යතුරු පැදි සංචාර මගින් ද ඒ ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

