මෙරට අඩු ආදායම්ලාභීන්ට චීනයෙන් ගෙවල්

මෙරට අඩු ආදායම්ලාභීන්ට චීනයෙන් ගෙවල්

අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා යුවාන් මිලියන 552ක චීන ආධාර යටතේ නිවාස ඒකක 1,696ක් ඉදිකිරීම මේ වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් පවසනවා.

සභාපතිවරයා මෙම අදහස් පළකළේ ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් අතරමග නතර වූ නිවාස ව්‍යාපෘති 06ක් යළි ආරම්භ කර ඇති බවත්, ඒ අනුව කොළඹගේ මාවත, ඇපල් වත්ත, ස්ටේඩියම් ගම, මාදම්පිටිය පාර, ෆර්ගියුෂන් පාර හා ඔබේසේකරපුර යන ප්‍රදේශවල නිවාස ඒකක 4,074ක් ඉදි කෙරෙමින් තිබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS