ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී නාවික සෙබළෙකු ජීවිතක්ෂයට

ඉන්දීය ධීවරයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී එක් නාවික හමුදා නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ 10 දෙනෙකු නාවික හමුදා මෙහෙයුමකින් අනතුරුව සිය භාරයට ගෙන තිබෙනවා.
එහිදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඇති වූ සිදුවීමක දී මෙලෙස එක් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

