පිරිවෙන් අධ්‍යාපනය ඩිජිටල් වෙයි

පිරිවෙන් අධ්‍යාපනය ඩිජිටල් වෙයි

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක් ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

COMMENTS