සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරනු ලබන අපරාධවල වැඩිවීමක්

සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරනු ලබන අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසනවා.
බැංකු, වාණිජ ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන විසින් යවන ලදැයි කියන ව්‍යාජ පණිවිඩ ඉහළ යාම හේතුවෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ සයිබර් අපරාධකරුවන් ඔවුන්ගේ ඉලක්ක වෙත ළඟා වීමට ව්‍යාජ වෙබ් අඩවි, ව්‍යාජ සමාජ මාධ්‍ය, ව්‍යාජ SMS සහ WhatsApp භාවිතා කරන බවයි.
මෙම පණිවිඩවල ඇති සබැඳි මත ක්ලික් කිරීමෙන්, පුද්ගලයන් පරිගණක සහ ජංගම දුරකථනවලින් ඔවුන්ගේ දත්ත සොරාගැනීමේ අවදානමක් පවතිනවා.
එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ සත්‍යාපනය කළ නොහැකි පණිවිඩ විවෘත කිරීමෙන් හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසයි.

