ශ්රී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකරුත් ඉල්ලා අස්වෙයි

ශ්රී ලංකා ක්රිකට් පිරිමි ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්රිස් සිල්වර්වුඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
2022 වසරේදී ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ඔහු වැඩ භාරගත් ඔහු යටතේ 2022 වසරේ ආසියානු කුසලානය ශ්රී ලංකාවට ගෙන ඒමට ඔහු පුරෝගාමී වූවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.


