කතරගමට පෙරහර බලන්න එන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

කතරගම පෙරහර සමයේ මේ පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන් දැනුම්දීමක් කර තිබෙනවා.
ඒ, කතරගම පුදබිමට රැගෙන එන කැළිකසල තැන තැන දැමීමෙන් වළකින ලෙසයි.
දෙස් විදෙස් විශාල ජනතාවක් සම්බන්ධවෙන කතරගම ඇසල මහා මංගල්‍යය තව දින 08කින් ආරම්භ වෙනවා.
මෙවර කතරගම වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ජූලි මස 06වනදා සිට ජූලි 22වනදා දක්වා පැවැත්වෙනවා.

