ඉඩම් අයිතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නෑ – ජනපති

ඉඩම් අයිතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නෑ – ජනපති

ඉඩම් අයිතීන් ලබා ගැනීම පමනක් ප්‍රමාණවත් නොවන බවත් සියළුදෙනාම රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින් මේ බව පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මේ ඉඩම් අයිතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

සියලුදෙනාම රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් විය යුතුයි.

මෙම ප්‍රදේශවල කෘෂිකර්මය දියුණු කරමින් අප කඩිනමින් අපනය ආර්ථිකයට ගමන් කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා.

වරාය සහ ගුවන් තොටුපෙළ යන දෙකම මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.”

COMMENTS