පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරනවා – සාගර

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුදුරේදීම වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ එම පෙරමුණේ මීරිගම ආසන සම්මේලනයට එක්වෙමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන සම්මේලනය අද (30) පැවැත්වුණේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

