මිය ගිය ධීවරයන්ගේ සිරුරු අද තංගල්ලට රැගෙන එයි

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් “ඩෙවොන් 05” ධීවර යාත්‍රාවේ ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු රැගත් යාත්‍රාව අද (03) උදෑසන තංගල්ල ධීවර වරායට පැමිණ ඇත.
කාර්මික දෝෂයට ලක් ව තිබු එම යාත්‍රාව තවත් යාත්‍රාවක් යොදා ගනිමින් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.
මහෙස්ත්‍රාත්වරයා පැමිණ මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් අදාළ මළ සිරුරු යාත්‍රාවේම තබා ඇති බව තංගල්ල පොලීසිය සඳහන් කළේය.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මළ සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙන යාමට නියමිතය.

