නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාලව පිළිගන් නෑ – දයාසිරි

නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාලව පිළිගන් නෑ – දයාසිරි

ආරුඩ කරගත්ත තනතුරකින් නිමල් සිරිපාල ඊයේ (03) තමාව පක්ෂයෙන් ඉවත් කොට ලියුමක් එවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරී ජයසේකර පවසනවා.

ශ්‍රීලනිපයේ පක්ෂ සභාපති ලෙස නිමල් සිරිපාල පිළිනොගන්නා බවත් එම කාරණය මේ වනවිට අධිකරණයේ පවතින එකක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ.

එසේ තිබියදී මෙවැනි කටයුතු කරන නිමල් සිරිපාල ගේ නීතියෙ දැනුම ගැන පුදුම නොවන බවද ඔහු පැවසුවා.

එබැවින් පක්ෂයේ සභාපතිවරයෙක් නොමැතිව දේශපාලන මණ්ඩලය රැස් කිරීමට නොහැකියැයිද රැස්වන්නේනම් දේශපාලන මණ්ඩලයේ 15 දෙනෙකු සිටිය යුතු බව දයාසිරී ජයසේකර කියා සිටියේ.

තමන්ව පක්ෂයේ ලේකම් හැටියට අධිකරණය තීන්දු කරලා තිබෙන අතර තනතුරු ගැටළුව විසඳන්නේ අධිකරණයෙන් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ඔහු මේ අදහස් පළ කළේ අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

COMMENTS