සම්පන්දන්ගේ දේහය ගුවනින් යාපනයට

සම්පන්දන්ගේ දේහය ගුවනින් යාපනයට

හිටපු විපක්ෂ නායකයකු මෙන්ම ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයකුද වූ අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් දේහය අද (04) සන්ධ්‍යාවේ යාපනයට රැගෙන ආවා.

ඒ ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් වන අතර දේහය ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු මහජන ගෞරවය සඳහා සෙල්වා රංග ශාලාවේ තැන්පත් කළා.

එම අවස්ථාවේදී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස් ඇතුළු උතුරේ දේශපාලන ක්‍රියාකාරිකයින් සහ විශාල පිරිසක් සහභාගී වුණා.

COMMENTS