ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05යි

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05යි

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් වන බවට තමා දැඩි ස්ථාවරයක සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා

ඒ අනුව 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බව සිය ස්ථාවරය බවයි ජනාධිපතිවරයා පවසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ

එමෙනම්, ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ද ජනාධිපතිවරයා අවධාරණය කරනවා

COMMENTS