පොල් කටු එකතු කරලා පාසල් ගොඩ දාන්න යයි

පොල් කටු එකතු කරලා පාසල් ගොඩ දාන්න යයි

පාසල්වල පොල් කටු එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මගින් සතියකට රුපියල් 130,000 ක පමණ ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පාසල්වල පොල් කටු එකතු කිරීමේ නියමු ව්‍යාපෘතියක් පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්ව ගාල්ල,නෙළුව ජාතික පාසල ආශ්‍රිතව පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ බවත්,එහිදී, සිසුන් සතියක කාලයක් තුළදී සිය නිවාසවලින් ඉවත දමන පොල් කටු කිලෝග්‍රෑම් 4,000 ක් පාසැලට රැගෙන ආ බවත් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා කීවේය.

කර්මාන්තකරුවන් පොල් කටු කිලෝවක් මේ දිනවල රුපියල් 36 කට මිලදී ගන්නා බවද ඔහු පැවසීය.

පාසල් තුළ පොල් කටු එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේනම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට සහ කර්මාන්තකරුවන් සම්බන්ධ කිරීමට පොල් සංවර්ධන අධිකාරිය ඍජුව මැදිහත් වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම මගින් පාසල් තුළ ස්මාර්ට් පන්ති කාමර සකස් කර ගැනීම ඇතුළු ශිෂ්‍ය සුබසාධන කටයුතු සඳහා මුදල් සොයා ගැනීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.