බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී ලාංකික කාන්තාව

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් ඊයේ (05) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන්, මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනයෙන්.
පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වීමට උමා කුමාරන් සමත්ව තිබෙනවා.
ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් උමා කුමාරන් සඳහන් කර ඇත්තේ, ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලැබීම තමන් ලද ගෞරවයක් බවයි.
එසේම ඡන්දදායකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය කිසිවිටෙකත් කඩ නොකරන බවද ඇය සඳහන් කර තිබෙනවා.

