දකුණ පරදා යාපනයට ජය

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 06වැනි තරගය ලෙසින් Galle Marvels සහ Jaffna Kings කණ්ඩායම අතර ඊයේ (05) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 05 කින් Galle Marvels කණ්ඩායම පරාජයට පත් කරමින්.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් Jaffna Kings කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරගත් අතර, ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි Galle Marvels කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී, අගනා ඉනිමක් ක්‍රීඩාකළ Tim Seifert නොදැවී ලකුණු 104ක්ද, Bhanuka Rajapaksa ලකුණු 28ක්ද, Alex Hales ලකුණු 23ක්ද, නායක Niroshan Dickwella ලකුණු 12ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී Azmatullah Omarzai කඩුලු 02ක්ද, Pramod Madushan සහ Fabian Allen එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.
අනතුරුව ලකුණු 188ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
Rilee Rossouw ලකුණු 67ක්ද, Kusal Mendis ලකුණු 30ක්ද, Azmatullah Omarzai නොදැවී ලකුණු 35ක්ද, නායක Charith Asalanka නොදැවී ලකුණු 12ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී Galle Marvels කණ්ඩායමේ Zahoor Khan කඩුලු දෙකක්ද, Dwaine Pretorius, Isuru Udana සහ Maheesh Theekshana එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.

