කතරගම අලි කලබල – 13ක් රෝහලේ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පුවී තිබේ.
ඒ හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
එම අලියා කුලප්පුවීමත් සමග පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් කලබලවීම හේතුවෙන් එම 13 දෙනා තුවාල ලබා ඇත.
තුවාල ලැබූ අයගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් ඔවුන් ඊයේ (06) රාත්රීයේ රෝහල්ගත කළ නමුත් මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ.

