ජූලි 12 වනදා සිට සිසුන්ට ලැබෙන ජනාධිපති ශිෂ්‍යත්වය

උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු අදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රධානය දිස්ත්‍රික් මටිටමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
මේ මස 12වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එය දිස්ත්‍රික්ක මට්ටමින් දියත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුවනවා.
උසස් පෙල සිසුන් සඳහා මසකට රුපියල් 6,000 බැගින් මාස 24 ක් සඳහා එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන සිසුන් 6,000 ක් වෙනුවෙන් මෙම ප්‍රධානය සිදු කිරිමට නියමිතයි.
එමෙන්ම පළමු ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණීය දක්වා තෝරා ගන්නා සිසුන්හට මසකට රුපියල් 3,000 බැගින් මාස 12 ක කාලයක් ලබා දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

