සුදුවෙන්න ගාන ක්‍රීම් ගැන බය හිතෙන කතාවක්

රූපලාවන්‍ය ආලේපන සහ විලවුන් උපකරණ සම්බන්ධයෙන් දැඩි නීතියක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
විලවුන් සහ උපකරණ නියාමනය පිළිබඳව නීතියක් අප රට තුළ නොමැතිවීම හේතුවෙන් අනාගතයේදී අවාසනාවන්ත මරණ, රෝග සහ ආසාත්මිකතාවයන් වාර්තා විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ද ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන සහ විලවුන් පිළිබඳ නියාමනයක් නොමැතිවීම හමුවේ ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්වයන් උද්ගත විය හැකි බවයි.

