ක්ලබ් වසන්තගේ බිරිඳටත් ශල්‍යකර්මයක්

අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි
වෙඩි වැදීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.
මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ. සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ කේ. සූජීවා සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ මේ වනවිට කේ. සුජීවා මහත්මියට ශල්‍යකර්මයක් සිදුකරමින් පවතින බවය.
වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වූ අතර ඔවුන් මෝටර් රථය මඟ දමා වෑන් රථයකින් පළා යන අයුරු CCTV කැමරාවල සටහන් වුණි.
කෙසේවෙතත් අද පස්වරුවේ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම වෙඩිතැබීම විදෙස් රටක සිට සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.
මෙය සැලසුම් සහගත වෙඩිතැබීමක් බවත්, කලක සිට පැවති මතභේදයක් වෙඩිතැබීමට හේතුවිය හැකි බවට පොලීසිය සැකපළ කරන බවත් ඒ මහතා පැවසීය.
වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් රටින් පැන ගොස් ඇතැයි කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.
මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳගේ ගමන් මල්ලේ තිබී රිවෝලර්වරයක් සොයාගත් බවත් එය ලියාපදිංචිකර ඇති ද යන්න සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මීට පෙර ද 2017 වසරේ එම ස්ථානයේ සැලුන් එකක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහිදී ද මෙවැනිම වෙඩිතැබීමක් සිදුවූ බවත් නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත වෙඩි වැදී මිය ගිය ස්ථානය..





