කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ – මහින්ද

කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ – මහින්ද

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සැබෑ නායකයෙක්ට මේ කියමන අදාල බවද රාජපක්ෂ මහතා කීය.

“අඳුරු යුගය පසුකර ප්‍රජාතන්ත්‍රවාදය අගයන යුගය බිහිවෙමින් තිබෙනවා. අභියෝග හමුවේ පලා ගිය නායකයන් කරළියට පැමිණ සුරංගනා කතා කියනවා. ඒ අයට අවශ්‍ය මේ රට නැවත ගොඩ ගන්න බැරි වෙන්න ආපස්සට අදින්න. ක්‍රියාවෙන් දේශපාලන කරන විවේචන පමණක් කරන කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ. රට ඉදිරියට ගෙනයන නායකයන් හමුවේ පමණක් හිටගන්නැයි ජනතාවගේ ඉල්ලා සිටිනවා යැයි කළුතර පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කීය.