නව වෛද්‍යවරුන් 1300කට කඩිනමින් පත්වීම්

නව වෛද්‍යවරුන් 1300කට කඩිනමින් පත්වීම්

නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට ඉතා ඉක්මණින් පත්වීම් ලිපි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා අනුයුක්ත කරන බව අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ ය.

එම පිරිස අනුයුක්ත කිරීමත් සමග දැනට පවතින වෛද්‍ය හිඟය මග හැරෙනු ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

විශේෂඥ පුහුණුව වෙනුවෙන් විදෙස් ගතව සිටි වෛද්‍යවරුන්ගෙන් පිරිසක් ද මේ වනවිට පුහුණුව නිමවා යළි පැමිණ ඇති බව ඔහු පැවසුවේ ය.