ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ආයතනයේ හිමිකරු සියල්ල වමාරපු හැටි

ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ආයතනයේ හිමිකරු සියල්ල වමාරපු හැටි

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින අදාළ ටැටූ ආයතනයේ හිමිකරු අතුරුගිරිය පොලිසියට පාපොච්ඡාරණයක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන්කර සිටියේ එම ආයතනය ආරම්භ කිරීමට මුදල් ලබා ගත් බවයි.

එහිදී පොලිසිය හමුවේ පාපොච්ඡාරණය සිදුකළ ටැටූ ආයතනයේ හිමිකරු,

”කතා කරලා ෂොප් එක දාන්න කීයක් යනවද ඇහුවා. මම කිව්වා ලක්ෂ 15ක් විස්සක් යනවා කිව්වා. ඕකෙන් හම්බ කරන්න පුළුවන්ද මල්ලී ඇහුවා රට ඉන්න පැටී. වීඩියෝ කෝල් ගන්නේ නෑ. වට්සැප් කෝල් ගන්නේ. ඊට පස්සේ එයා ලක්ෂ දෙකයි ගාණක් එව්වා එක්කෙනෙක් අතේ. ඊට පස්සේ මම ගියා ශොෂ් හොයන්න. පැටීට කිව්වා මට කඩයක් හම්බුණ කියලා. ලක්ෂ 06ක් දැම්මේ රෙන්ට් එකට ඉන්න අයියගේ එකවුන්ට් එකට. මට එකවුන්ට් එකක් තිබ්බේ නෑ. මගෙන් ඇහුවා අපේ ෂොප් එකේ ඕපනින් එකට කවුද එන්නේ කියලා. මම කිව්වා සුජීවා මිස් මම අදුනනවා එයාට එන්න කියනවා කියලා. වසන්ත අදුනනවද ඇහුවා. මම ඇහුවා මොන වසන්තද කියලා. ඊට පස්සේ කිව්වා ක්ලබ් වසන්ත කියලා. මම කිව්වා අයියේ මම පොඩි කාලෙ ඉදන් සර්ගේ වීඩියෝ බලනවා. එයා මගේ ලොකු ෆෑන් කෙනෙක්. හැබැයි මම අදුනන්නෑ කියලා මම කිව්වා. මල්ලි මිනිහට ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. එයාගෙ එකෙන් අපේ පෝස්ට් එක ශෙයා කරගත්තොත් අපි ගොඩ කියලා මට කතා කරලා බලන්න කිව්වා. මම කිව්වා සම්බන්ධයක් නෑනි කියලා. ඊට පස්සේ ස්ක්‍රීන් ශොට් එකක් දාලා තිබ්බා වසන්ත සර්ගේ මැඩම්ගේ ක්‍රීම් තියෙන තැන නම්බර් එකක් ” යනුවෙන්