රාජකාරියට වාර්තා නොකළ සියළුම දුම්රිය සේවකයින් තනතුරුවලින් ඉවතට

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැරගියාසේ සලකා දුම්රිය සාමාන්‍යාධිකාරවරයා විසින් ලිපි නිකුත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් කාර්යාල සේවා දුම්රිය අද පස්වරුවේත් සීමිත සංඛ්‍යාවක් පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
උසස්වීම් ලබා නොදීම හා බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවනවා.
මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මේ වන විට රැස්වී සිටින්නේ වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි.

