වසන්තගේ දේහය තිබෙන බොරැල්ල මල් ශාලාවට තර්ජන

ඉකුත් දා අතුරුගිරිය මංසන්ධිය අසල ටැටූ ව්යාපාරික ආයතනයක් විවෘත්ත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් සිටිය දී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් නොකරන ලෙස එම මල්ශාලාවට තර්ජන එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසනවා.
විදේශයක සිට ලැබී ඇතැයි කියන ඇමතුමක් හරහා එම තරජනය එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ මල් ශාලාව විසින් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද යොමු කර තිබෙනවා.
ඒ අනුව අදාළ මල්ශාලාවේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මේ අතර අදාළ සිද්ධිය හේතු කොටගෙන බොරැල්ල පොලිස් ස්ථානයේ ද ආරක්ෂාව තර කර තිබෙනවා.

