පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ටත් තර්ජන

අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරියන්ට තර්ජන එල්ල වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රචාරය කර එම නිලධාරීන් ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවය.
ඊයේ (11) මාධ්‍යට අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළ අතර එසේ තර්ජන තිබුණ ද කිසිදු විටෙක පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරියන් පසුබට නොවන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
විශේෂයෙන් සමාජයේ සංසරණය වන නීති විරෝධි ගිනිඅවි පොලිස් භාරයට ගැනීම සඳහා කටයුතු කරන බවද ඔහු පැවසීය.

