දේශපාලකයින්ට පාසල තහනම්

දේශපාලකයින්ට පාසල තහනම්

විදුහල්පති වැටුප් ගැටලුව විසඳන තෙක් දේශපාලනඥයන් සහභාගී වන උත්සව හා රැස්වීම්වලට සහභාගි නොවීමට විදුහල්පති වෘත්තීය සමිති 7ක් තීරණය කොට තිබෙනවා.

පාසල්වල පවත්වන කිසිදු උත්සවයක් සඳහා දේශපාලනඥ‍යින්ට ආරාධනා නොකිරීමටද එම වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කොට තිබෙන බවයි පවසන්නේ.

ඔවුන්ගේ වැටුප් ගැටලුව විසඳන් තෙක් කෙටි කාලීන විසඳුමක් වශයෙන් විදුහල්පති දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ නංවන තෙක් මෙම තීරණයේ සිටීමටයි එම සංගමය තීරණය කොට තිබෙන්නේ.

විදුහල්පති ශ්‍රේණි ධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය. ජාතික විදුහල්පති එකමුතුව. ඌව පළාත් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, උතුරු පළාතේ විදුහල්පති සංගමය ඇතුලු විදුහල්පති වෘත්තීය සමිතිවල විදුහල්පතිවරු එක්වයි මෙම තීරණය ගෙන ඇත්තේ.

COMMENTS