බදු ගෙවීම පැහැර හරින අයට වැඩ වරදී

නව බදු පැනවීමට පෙර, ගෙවීම් පැහැර හැර ඇති හා කල්ගිය බදු මුදල් අය කරගැනීම පිලිබඳව අවධානය යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ සඳහා දැනට පවත්නා නීතී යාවත්කාලීන කර, එසේ පැහැර හරින බදු අය කරගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,
“යම් ආකාරයකින් තමන්ට බදු ගෙවීමේ අසීරුතාවයක් ඇති නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට මෙන්ම ඒ පිළිබඳව උසාවි යෑමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. එවැනි ඇතැම් උසාවි ක්‍රියාමාර්ග වසර 30කට පමණ වැඩි කාලයක් දිගින් දිගට දිග්ගැසෙමින් පැවතීම හේතුවෙන්, අධිකරණ ක්‍රියාමාර්ගය අවසන් වනවිට ඇතැමුන් මියගොසින්.”
එමෙන්ම බදු ගෙවීමට යටත් වන්නේ මසකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ඇති අයෙක් පමණක් බවත්, ඔහු වෙනත් තැනකින් බදු ගෙවීමක් කර ඇත්නම් නැවත ඔහු බදු ගෙවිය යුතු නැති බවත් පැවසීය.
ඒ පිළිබඳව ලිඛිතව ප්‍රාදේශීය කාර්යාලයට දැනුවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බදු පැහැර හරින්නන් හසු කරගැනීම වෙනුවෙන් කළ හැකි ශක්තිමත්ම දැළ එලා ඇති බවත්, තොරතුරු තාක්ෂණය සමගින් පවත්නා නීති යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළේය

