GPS තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක්

GPS තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.
මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වුණා.
ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රදානත්වයෙනුයි.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුලු කාරක සභා සාමාජිකයන් ඊට කඒව සිටියා.
බොහෝ ලංගම බස් රථවල ජී පි එස් උපකරණ සවිකර නොතිබීම ජී පි එස් තාක්ෂණය ක්‍රියාත්මක නොවීමට හේතුවක් බව මෙහිදි ප්‍රකාශ වුණා.
මේ පිළිබඳ වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහා සති 3ක් ඇතුලත මෙම කාරක සභා යළි රැස්වීමට තීරණ කෙරුණා.

