ක්ලබ් වසන්ත ඝාතනය – අත්අඩංගුවට ගත් තරුණිය රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

ක්ලබ් වසන්ත ඝාතනය – අත්අඩංගුවට ගත් තරුණිය රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය අද (21) කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය.

එම තරුණියව පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට එහිදී අධිකරණය අවසර ලබාදී තිබුණි.

එම තරුණියව වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS