ඖෂධ හිඟයක් ?

වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි නවතම විගණකාධිපති වාර්තාවෙන් තහවුරු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
මේ හේතුවෙන් රෝහල් පද්ධතියේ ඖෂධ හිගයක් මතුව ඇති බවත්, ලබන වසර වනවිට නැවතත් ඖෂධ හිඟයක් ඇති විය හැකි හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළදී රුපියල් කෝටි ගණනක් වැය කර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කළ තත්ත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝහල්වල ගැටලු රැසක් නිර්මාණය වුණා.
එවැනි පසුබිමක වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය ප්‍රසම්පාදනය අත්හිටුවීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා තම නවතම විගණන වාර්තාවෙන් දක්වා ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

