දළදා මාළිගාවේ තේවා පූජාව අස්ගිරි පාර්ශවයට

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේගේ වාර්ෂික තේවා පූජා මංගල්‍ය කටයුතු මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවය වෙත බාරදීම සිදු කළා.
තිබ්බටුවාවෙ ශ්‍රී සිද්ංධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක සහ වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී ඊයේ (21) මේ කටයුත්ත සිදු කොට තිබෙනවා.
රජ සමයේ පටන්ම රාජ අණ මත දළදා සමිඳුන්ගේ පැවිදි භාරකාරත්වය පවරා ඇත්තේ මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශවයන් දෙක වෙතයි.
ඒ අනූව මහනුවර සෙංකඩගලපුර ශ්‍රී දළදා මාළිගාවේ ශ්‍රී දළදා වහන්සේගේ තේවා පූජාව වාර්ෂිකව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශව වෙත මාරුවෙන් මාරුවට පැවරීම සිදුකරනවා.
මේ අනූව මෙවර තේවා කටයුතු උරුලෑවත්ත සහ පොතුහැර පැවිදි පරම්පරාවට පැවරෙන බවයි ශ්‍රී දළදා මාළිගාවේ සම්බන්ධීකරණ හා සංස්කෘතික නිලධාරි ජයම්පති වැද්දාගල පැවසුවේ.
ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි පාර්ශවයේ අනූනායක හිමි පාණන් වහන්සේලා සමග ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුලු පිරිසක් සහභාගී වුණා.

