ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක්

ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක්

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිඟයක් පැවතීම හේතුවෙන් තමන් දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බව ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් සඳහන් කරන බව අප වාර්තාකරු පවසනවා.

මාසයක පමණ කාලයක සිට ලිට්‍රෝ ගැස් සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ඉල්ලුමට සරිලන ගැස් තොග නිකුත් නොකිරිම සහ නියමිත කාල සටහන අනුව ගැස් තොග බෙදා නොහැරිම මත මෙම ගෑස් හිගය මතු වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජතියන් කියා සිට ඇත්තේ.

තම අලෙවි නියොජිත ආයතන සතු හිස් ගෑස් සිලින්ඩර් පවා ආයතනය විසින් රැගෙන ගිය බවත්, එම හිස් ගෑස් සිලින්ඩර් වලට අදාල ගෑස් පිරවු සිලින්ඩර් සති කිහිපයක සිට ලබා නොදුන් බවද අලෙවි නියෝජිතයන් සඳහන් කර තිබෙනවා.

COMMENTS