පාස්කු ප්‍රහාරයට සම්බන්ද කණ්ඩායම් අදටත් ජාජබ සමඟ ඉන්නේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ද කණ්ඩායම් අදටත් ජාජබ සමඟ ඉන්නේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ද කණ්ඩායම් අදටත් ජාතික ජනබලවේගය සමග සිටින බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

අද පස්වරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැකීමට මහනුවරට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළකළා ඉස්ලාම් ධර්මයට අපහාසවන අයුරින් ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් වසර 4ක බරපතළ වැඩ සහිතව සිරගත කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය 22වනදා ඇප මත නිදහස්කරණ ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.

එලෙස ඇප මත නිදහස් වූ ඥානසාර හිමියන් අද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දුටුවා.

අනතුරුව ඥානසාර හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දුටුවා.