ජනාධිපතිවරණයේ මූලික මුද්‍රණ කටයුතු අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ සියලුම මූලික මුද්‍රණ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියා.
මැතිවරණයට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් තේරීම්භාර නිලධාරීවරුන් ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදාත් ඊට අදාළ නාමයෝජනා කැඳවීම අගෝස්තු මස 15 වැනිදාත් පැවැත්වෙන බව නිල වශයෙන් දැනුවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කිරීමටයි කටයුතු කර තිබුනේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක මහ මැතිවරණයක්ද ප්‍රකාශයට පත් කෙරුණොත් ඊට අදාළ මුදල් ලබා දීමට මුදල් අමාත්‍යාංශය බැඳී සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියා.
ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩදි ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්.

