ජනපතිගේ සහයට ගිය පොහොට්ටුවේ මැති ඇමතිවරු

ජනපතිගේ සහයට ගිය පොහොට්ටුවේ මැති ඇමතිවරු

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ.

ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමටය.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ඊයේ පස්වරුවේ රැස්වූ එහි දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණයට පිරිසක් විරුද්ධ වී තිබුණි.

එලෙස විරුද්ධ වූ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ දේශපාලන කාර්යාලයට රැස්වී සාකච්ඡාවක නිරත වුණි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙනි.

මේ සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වෙයි.

ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමටය.

COMMENTS