දුම්රියේ යන අයට දැනුම්දීමක්

ආසන කලින් වෙන්කරගැනීමේ ක්රියාවලිය 2024 සැප්තැම්බර් මස 01 වන දින සිට පෙරවරු 10.00ට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්රී 07.00 ට වන අතර ඒ අනුව සැප්තැම්බර් 01වනදා සිට උදෑසන 10.00 ට එම කටයුතු සිදු කර ගත හැකියි.

