ආහාර වෙළඳ දැන්වීම්වලට ළඳරුවන්, කුඩා ළමයින්, යොදා ගැනිම තහනම් වෙයි

ආහාර වෙළඳ දැන්වීම්වලට ළඳරුවන්, කුඩා ළමයින්, යොදා ගැනිම තහනම් වෙයි

2025 ජනවාරි 01 වැනිදා සිට ආහාර වෙළඳ දැන්වීම්වලට ළඳරුවන්, කුඩා ළමයින්, අවුරුදු 12ට අඩු ළමුන්, ගැමිණි මව්වවරුන්, කිරිදෙන මව්වවරුන් පෙනීසිටින දැන්වීම් පළකිරීමට තහනම් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ආහාරවලින් ඇතැම් ලෙඩ රෝග සුව කළ හැකි බවට ගෙන යන ප්‍රචාර වැරදි සහගත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යවරයා එහිදී පවසා සිටියේ.

පුද්ගලයෙක් වසරකට සහල් කිලෝ 150කට වැඩියෙන් ආහාරයට ගන්නා බවත් , සතියට කිලෝග්‍රෑම් 2.8ක් අනුභව කරන බවත් එයත් සමඟ ලබා ගන්නා අර්තාපල් ,ඉරිඟු වැනි ආහාර නිසා කාබෝහයිඩ්‍රේඩ් ප්‍රමාණය වැඩි වෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලබා ගන්නා ආහාර විවිධාංගීකරණය විය යුතු බවත් ජාතියක් ලෙස අප ගන්නා බත් ප්‍රමාණය වැඩි අතර මෙය වෙනස් කිරීමට, ගන්නා ශක්ති ප්‍රමාණයෙන් කොටසක් මස් මාංශ පිණිස වෙන් කිරීම උචිත බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.