මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (5) සිදු කරනවා.

ඒ සඳහා මහනුවර දක්වා වැඩම කරවූ කප චාරිත්‍රානුකූලව නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල වෙත බෙදාදීම ඊයේ සිදු කළා.

ඒ ඊයේ යෙදුණු සුබ මොහොතින් මහනුවර විෂ්ණු දේවාලයේදී.

එම කප අද පෙරවරුවේ යෙදෙන සුභ මොහොතින් සිව් මහා දේවාලවල සිටුවීම සිදුකරනවා.

ඉන් පසුවයි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ.